"හානේ, මෙන්න රැව්ලත් ඇවිල්ලා!!!"
කාලයකට පසු හමුවුන නෑදෑ පරපුර දැලි රැව්ල ගැන මුල් ම අදහස් දැක්වූ අයුරුයි.
කරදඩු ඉස්සීගෙන එන මුල් තරුණ අවදියේ රැව්ල මතුවීම අනිවාර්ය වේ, එසේ නූනොත තමා ප්‍රශ්නය.
රැව්ල පිරිමිකමේ ලක්ෂණයක් ලෙස සැලකීමට සමහරු පුරුදුව සිටියහ.
මුලින්ම රැව්ල කැපූහැටි මට මතකය,
අම්මා රැව්ල කපන්න එපා කියා අඩි පොළවෙ ගැසුවාය.
තත්තා කිසිවක් නොකියා කැපීමට උදව් දුනි.
කැපූවිට මූණ නෑඹිලියක සිරි ගත් හෙඉන් උසුළුවිසුළු වලට ලක්වුවද,
රැව්ල කැපීම මහා ඉදිරිපිම්මකි.
උදේම,හෝ වැඩකට යාමට සැරසෙන විට
රැව්ල කැපීම හිසරදයකි, අල්ලාගත් කොටිවලිගය අතහැරිය නොහැක.
අම්මා කීදේ තේරෙන්නෙ බොහෝ ප්‍රමාදවීය.
කාලයෙන් කාලයට විවිධාකාර රැව්ල් කැපීමේ ක්‍රම විවිධ නම් වලින් ප්‍රචලිත වේ.
Ponting cut එහෙව් එකකි,
දැන් කොල්ලො කපන cut මොනවාදයි හදුනා ගැනීම පවා දුශ්කරවේ.
රැව්ල කැපීම දැන් විලාසිතාවන් වී හමාරය. කොණ්ඩයට ගැහැණුන් කරන දේට වඩා වැඩි යමක් මුන් රැව්ලට කරත්.
කිසිදා රැව්ල කැපීමට කරණවෑමියෙක් ගේ සහයක් ලබා නොගත් මම, අපහසුවෙන් හෝ පොඩි cut එකක් කපාගතිමි.
දැන් දැන් රැව්ල කෙසේහෝ මුඩුකර ගන්නේ කළු කෙස් පරයා සුදුකෙස් වැඩිවී යන නිසාය.
ප්‍රෞඩත්වයේ සංකේතයක් වන රැව්,
කෙතරම් වැදගත්දැයි " රැව්ල හා කැද දෙකම බේරාගැනීම" යන ආප්තෝපදේශයෙන් මොනවට පැහැදිලිවේ.
හොදින් රැව්ල ඇතිනම් කැද පෙරා බොන්න භාවිතා කලහැකිය.
රැව්ල කපන්නේ දැලිපිහියෙනි, ඒ ඉස්සරය,
දැන් බොහෝදෙනා රේසර් භාවිතා කරති.
දැලිපිහිය අභාවයට ගොස්ය, නමුත් කර්ණවෑමල්මියෝ තවමත් එහි ඇලී සිටී.
රැව්ල කැපීම ගැන කතා කලත් දැන් රැව්ල ගැලවීමද සිදුවේ,
රැව්ල ගලවන්නෝ ගැහැණුය,
දැන් පිරිමිද රැව්ල ගලවති,
අනේ අනිච්ච්ං!